පපුව අස්සේ කැකෑරුණා මහාමෙරක් දුක
වාවගන්න බැරුවයි ඉහිරුණෙ කඳුළු කැට
තවත් ඉතින් දුක් දෙන්නට එපා අම්මට
සමාවෙලා අහගනින් පුතේ ඈ ඒ විඳි දුක
කුසට රසට අහරක් නෑ ඒ දවස්වල
නුඹත් ඇවිත් ඇගේ කුසට හාරමාසය
වසරක් වැඩිමල් අක්කත් ඇගේ උකුල උඩ
ඇයට වඩා නුඹ ගැනමයි සිතුවේ නිතරම
දස මාසයක් පිරී ඇවිත් ඇගේ දෝතට
නුඹ ගත්තේ රජ කුමරෙක් වාගේ විලසට
යන එන තැන හැමතිස්සෙම නුඹ එක්කම
තනි කළේ නෑ නුඹ පාසල් යන තුරාවම
අම්මා යැයි හැම තිස්සෙම නුඹ ඇඬුවා
රෑ තිස්සෙත් නෑ නින්දක් ඈ ළඟ නැතුවා
හැමට වඩා නුඹ වෙතටම සෙනෙහස පිදුවා
කොහේ ගියත් නුඹ එනතුරු ඈ මඟ බැලුවා
කට ගොන්නක් බී ගෙන විත් හවසට ගෙදර
මවට බැනලා එපා පුතේ පව් පුරවාගන්න
බුදුන් වඳින ඔය දෑතින් වැඳලා හනිකට
සමාගනින් අම්මාගේ ඔය දෙපා වැඳ
නිතර දෙවේලේ නුඹ ගැන සොයා බැලුවට
නුඹට සිතෙයි කරදරයක් කියලා නිතර
ඇගේ සිතේ නුඹ වෙනුවෙන් තිබෙනා ආලය
වැටහෙන්නේ නුඹ දරු සුරතල් විඳිනා දිනයක…
එච්. එම්. සුනේත්‍රා කුමාරි හේරත් – පොළොන්නරුව බ්‍රැන්ඩික්ස් ආයතනය
– ඉදිකටු පන්හිඳ –