මව්පිය සෙනෙහස

මව්පිය සෙනෙහස

අනන්ත වූ මෙම ලොවම පුරා
මා සැරිසැරුවා සසර පුරා
ඇගෙ කුස මා වෙත පිරිනැමුවා
මගෙ මව්තුමි ඔබ බුදු වේවා

ආදර වදනින් මා සැනසුවා
ඕන එපාකම් හොයලා බැලුවා
මතු සසරෙත් ඔබ මගෙම වෙලා
තාත්තේ ඔබ මතු බුදු වේවා

මව්ගුණයයි පියතුමගෙ බලෙයි
මගෙ ලොව හැඩ කළෙ ඔබ දෙපළයි
මාගෙමයි ඔබ මාගෙමයි
මේ මුළු සසරෙම ඔබ මගෙමයි

මව්තුමියගෙ ලේ කිරි වූවා
පියතුමගෙ සෙනෙ කවි වූවා
මේ තරමට ඔබෙ ගුණ දාවා
මව් පියතුම ඔබ බුදු වේවා…

ඉමේෂා දිල්හානි – පොළොන්නරුව බ්‍රැන්ඩික්ස් ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook