නුඹ දන්නේ නැති වුණත්

නුඹ දන්නේ නැති වුණත්

හිතට දැනෙන හැඟෙන හැමදේම
හදවතේ සිරගෙයක් කරන්
විඳින විඳවන කාටවත් නොපෙනෙන
හදවතේ පුංචිම ඉඩක් අරන්
පෙනෙන නොපෙනෙන දුර ඈතකම
සොය සොයා නුඹව මං ගිය තරම්
දන්නේ නෑ දැනුණේ නෑ මට තරම්….

රිදෙන විට හිත කඳුළු නංගා
ඔය ඇස් දෙකේ සතුට ගැන
මං ගොඩක් හිතුණා
ඔය ඇස්දෙකේ සතුට ගැන
හිතපු මම
නොපෙනෙන්න හොර රහසේම ඇඬුවා
සතුට වෙනුවට කඳුළු අරගෙන
නිහඬව මං දරාන උන්නා
ඒත්…
ඒ බවක් නුඹ නෑනේ දන්නේ
දන්නේ නෑ, දැනුණේ නෑ
මට තරම්…

මට වඩා මං නුඹ ගැන සිතුවත්
නුඹට නම් නැහැ වුණේ මගෙ අගයක්
නොවටිනා බව මා නුඹට දැන දැනත්
මා ළංවුණේ ඇයි කියා දන්⁣නෑ මමවත්
ආදරේ හද⁣වතේ නුඹ නමින්
තියෙනවා කාටවත් නැති තරම්
ඒ නිසයි මේ විඳවන්නේ
නුඹ නමින් තවමත්
නුඹ දන්නේ නැති වුණත්….

නයනා සමරකෝන් –  බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook