මෑණිය ලක් මවුනි මේ සුන්දර සොබාදම
අයිතිය ඔබෙයි මේ විශ්වයෙ හැමදේම
රන් රිදි මුතු මැණික් දෝතෙ පුරවගෙන
සම්පත තමයි ලක්බිම මිනිසුන්ට ඔබ….
මහ මුහුදින් හතරවටින් වටවූ මේ මුතුඇටය
ගස්වැල් මලින් ඇළදොළවලින් සුසැදී ඇත විකසිතය
සීතල පරිසරය විඳිමින් සියොතුන් කිචිබිචි නදය
මනසට දැනේ සුවසහනය මොහොතින් එය විඳගනුය…
දවසින් දවස මොහොතින් මොහොත ගෙවුණා කාටත් නොදැන
ගැමි පරිසරය සුන්දර වන පෙත හැඩකාරය හැමදාම
හැම සම්පතින් අඩුවක් නැතමේ සුන්දර සොබාදම
එහි වටිනාකමක් නොදැනුණිදෝ මේ ලක්දිව මිනිසුන්ට
ස්වභාවධර්මයයි ජීවය දුන්නේ මුළු ලෝකයට
සංවර්ධනය ආවා අප සැමගේ දියුණුවට
අමතක වුණා ලක්මෑණිගේ සොබාදම
ටික ටික ගිලිහුණා සුන්දර හැමදේම
මුහුදෙන් නාලා මුහුදට කුණු විසිකෙරුවා
කැලයෙන් කාලා කැලයේ ගස් ටික කැපුවා
කටුමැටි ගෙයක් ටික ටික ගොඩනැඟිලි වුණා
මිනිසුන් අනේ මිහිතලයට ද්‍රෝහි වුණා
වවා කන්න මහ පොළොවක් ඉතිරි වුණත්
කෑවේ පිටරටින් ගෙන ආ රස දේවල්
අතපය හතරේ වෙර වීරිය හිතේ ඇතත්
කෙරුවෙ කරන තරමක් වැනසෙන්න වැඩක්
සොරමැරකමත් අයුක්තියත් වංචාවත්
පරිසර දූෂණෙත් ගුණමකු මනුස්සයත්
වැඩි වැඩියෙන් වුණේ ජීවිත විනාශයක්
නෙත හැර බැලිමි ලක්මව හට දුන්නේ දුකක්
මේ හැමදේට අවනත නැත සොබාදම
සියලුම මිනිසතුන්ගේ නෙත විවර කර
ඉවසුවා ඇති කියා ලක්මව හැමදාම
දුන්නා ටොක්ක කොරෝනා හැම මට්ටු කර…
ලක්ෂිකා හෙට්ටිආරච්චි – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය
– ඉදිකටු පන්හිඳ –