හදවත

හදවත

හදවත ඔබ මගෙ කෙසේ දකින්නද
කඳුලින් මගෙ ඇස් පිරෙන නිසා
ලස්සන වදනක් කෙසේ අසන්නද
මගෙ හදවත ඉකිගසන නිසා…
 
පිවිතුරු හදවත කෙසේ රකින්නද
ඔබ මා ළඟ දැන් නොමැති නිසා
කඩිසර ගමනින් දිවෙන මගේ මගේ හිත
කෙසේ දකින්නද ඔබ දුරක නිසා…
 
හිමි නැති පෙමකට ඇයි පෙම් කළේ මං
මගෙ සිත මෙතරම් බොළඳ වෙලා
අවංක ආලය කෙසේ ලබන්නද
සිත් දෙක දෙතැනක නතර වෙලා…
 
අන් හදවතකට දෙන්න එපා දුක
මං ලියනා මේ වදන් බලා
අහිමි පෙමක් ගැන ලියන්නේ මේ මම
මුළු කවියම මහ දුකක් වෙලා….
 
මධුමාලි – බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *