සතුටකදී
හිනා නොවෙන
දුක හංගන්
බලා හිඳින
මුවින් එකදු වදනක්වත්
නොදොඩා මුනිවතම රකින
නමුදු,
දරු පෙමින් සිත යට
දස දහසක් බස් තෙපලන
අපෙ අප්පච්චි…
ඉරට වඩා එළිය බෙදන
සඳු වාගේ සිසිල සදන
දිරිය වෙලා ළඟම රැඳෙන
අපේ අප්පච්චි
විසල් අහස ඔබමයි මට
මගෙ අප්පච්චී…
දහදිය උණු කඳුළු හෙලපු
රහසින් හැම දුක් උහුලපු
මල් වාගේ අපව හදපු
අපෙ අප්පච්චී
මුළු ලෝකෙම
ඔබමයි මට
මගෙ අප්පච්චී…
ඩබ්. ඒ. නුරාෂි නිකසලා – බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය
– ඉදිකටු පන්හිඳ –