බ්රැන්ඩික්ස් පවුලේ සාමාජිකාවන්ගේ වෘත්තීය දිවිය මෙන්ම පුද්ගලික ජීවිතයද සවිබල ගැන්වීමේ අරමුණින් බ්රැන්ඩික්ස් සමූහය පුරාවට අති සාර්ථක අයුරින් ක්රියත්මකවන GAP Inc. P.A.C.E. පුහුණු වැඩසටහන පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්. මේ වැඩසටහනෙහි නවතම දිගුව ලෙසින් පසුගියදා බ්රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රත්මලාන ආයතනයේදී සාමාජිකාවන් 30 දෙනෙකු පුහුණු කිරිමේ වැඩසටහන ඇරඹුනේ එම ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ලලිත් බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙනුයි.
මෙම පුහුණු වැඩසටහනෙහි වන සුවිශේෂීත්වය වන්නේ මෙම සාමාජිකාවන් 30 දෙනා පුහුණු කරවීම සඳහා දායක වන්නේ බ්රැන්ඩික්ස් සමූහයටම අයත් පුහුණුකරුවන් 7 දෙනෙකු විසින් වීමයි. එම පුහුණුකරුවන් සියලුදෙනාම බ්රැන්ඩික්ස් සමූහය තුළ පැවැත්වූ Train the Trainer (TOT) පුහුණු වැඩසටහනෙහි පුහුණුව ලබා සහතිකපත් ලැබූවන් වන අතර ආයතනික සෞඛ්යය සහ ආරක්ෂක උපදෙස්වලට අනුකූලව මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙනු ඇත.
පුහුණුව සඳහා තේරී පත්වුණු සාමාජිකාවන් සියලුදෙනාටම වියමන් අපේ උණුසුම් සුබ පැතුම්.
උත්සවශ්රීයෙන් පැවති මෙම වැඩසටහනේ සම්පූර්ණ ඡායාරූප එකතුව නැරඹීම සඳහා පිවිසෙන්න : P.A.C.E. බලකායට තවත් සාමාජිකාවන් 30 ක් රත්මලානෙන් Facebook සටහන