මත් උවදුරෙන් අත්මිදෙමු - ජීවිතය ජයගමු

මතින් තොර ශ්‍රී ලංකාවක් උදෙසා

මේ දිනවල මෙරට පුවත් මවන මාතෘකාවක් බවට පත්ව ඇති මත් උවදුර යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව සෑම රටකම පාහේ තරුණ පිරිස ගොදුරු කරගත් ව්‍යසනයකි.

මත් ද්‍රව්‍යය භාවිතයේ ආදීනව මෙන්ම ඒවාට ඇබ්බැහිවූවෙකු ඉන් මුදවාගන්නා ආකාරය පිළිබඳව දැනුවත්  කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 28 වැනිදා බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල 02 ආයතනයේදී පැවැත්විනි. මනෝ විද්‍යාත්මක දැනුවත් කිරීමේ වැඩසටහනක්වූ එය මෙහෙයවනු ලැබූයේ එම ආයතනයේ මනෝ විද්‍යා උපදේශිකාව වන චතුරිකා සමන්ජලි මෙනවිය විසිනි.  

මේ කාල වකවානුවේදි වැඩි වශයෙන් කතාබහට ලක්වුවද, ශ්‍රී ලංකාවේ මත් උවදුර සම්බන්ධ ගැටළුව මෑතකදී ආරම්භවූවක් නොවේ. නමුත් අද වනවිට මෙරට ආර්ථිකයට, දේශපාලනයට, සංස්කෘතියට මෙන්ම සමාජයට දැඩි බලපෑමක් ඇති කරන සමාජ ගැටළුවක් බවට මෙම මත් උවදුර පත්ව තිබේ.

එබැවින් මත් ද්‍රව්‍ය භාවිතයේ ආදීනව මෙන්ම ඉන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත්, සමාජය තුළ මත් ද්‍රව්‍ය පිළිබඳව පවතින වැරදි ආකල්ප සහ පිළිගැනීම පිළිබඳවත් මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමත් එම වැඩසටහනේදී සිදුකරන ලදී.

වත්මන් ලාංකේය තරුණ පරපුර ඉලක්ක කර ගත් මෙම ව්‍යසනකාරී මත් උවදුර තුරන් කිරීම සඳහා ආයතනයේ දායකත්වය ලබාදීම මෙම වැඩසටහන පැවැත්වීමේ මූලික අරමුණ විය.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *