බිනර මල් කැකුළු පූදින බිනර මහේ
කඳුළු මල් කැකුළු මිලිනව වැටී ගියේ
කළු ගල් වුණත් උණුවන දාරක සෙනෙහේ
නොදැනුණාවත්ද අතහැර යන්න ගියේ
මල වට සිටි බඹරු මල හැර යන්න ගියා
තුරු මත සිට ළහිරු තුරු අතරේ දමා ගියා
වැල්ලට ඇදුණු රළ වැලි තනිකර මුහුදු ගියා
දෝණිගේ තාත්තා දොණිට රහසේ ගියා
දෝණිව සිහිවෙලා ආවොත් ගම පැත්තේ
අම්මගෙ හිතේ කහටක් නම් නැහැ ඇත්තේ
මතකය සිහිකරන් ඔබගේ උරපත්තේ
සුවෙන් නිදන්නම් ඇයි තාමත් නැත්තේ
දැනුණි ද වරද වරදැයි නිවැරදි නොවන
තවමත් දෝණි දෝණියමයි පෙර සිටින
සෙනෙහස සෙනෙහසයි සැමදා අමිල වන
පියා පියාමයි කාටත් සමනොවන
සඳුනි බණ්ඩාර – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය
– ඉදිකටු පන්හිඳ –