සඳරැස් වැටී දිදුළන රෑ මිදුල පුරා
නිහඬයි මගේ හිත මෙනි එය බලනු ඉරා
දහසක් පැතුම් එකතුව පන්හිඳෙන් අරා
ලියනෙමි මගේ සෝ සුසුමන් දිවිය පුරා
වෙළුණා එදා දෙදෙනා නොබිඳෙන පෙමකින්
බැඳුණා සදා අතැඟිලි වෙන්නොවෙන ලෙසින්
සියලු දෙනාගෙම ආශිර්වාදය ලැබෙමින්
කාලය ගත කළා දෙදෙනම සතුටින්
අපගෙන් ලද ආදරයත් මදිවී දෝ
වෙනතක් බැලුවේ නුඹ මොන සිතකින්දෝ
පුංචි දෝණි ගැන නුඹ හට නොසිතුණි දෝ
අප හැර දමා යන්නට සිත ගල්වුණිදෝ
තෙතබරිත මගෙ දෙනෙත් නිදි නොමැත රෑ පුරා
කිම මෙසේ තව සොයයි නුඹ වෙන්ව ගියෙ ඇයි කියා
අප්පච්චි කෝ කියා දෝණි පැනයක් ගෙනා
මම කෙසේ පවසම්ද නුඹ එන්නේ නෑ කියා…
ශිරන්ති ජයලත් – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය
– ඉදිකටු පන්හිඳ –