නිහතමානීකම

දවසක් කූඹියකු නැඟ අලියකුගෙ පිටේ
සිතුවලු මගෙ බරට දැන් මූ බිමට වැටේ
මෙවැනි විකල් අදහස් ඇති අයද රටේ
හමුවිය හැකිය සැරිසැරුවොත් හතර වටේ
 
දැනුමට වඩා ඇත මනසේ උඩඟුකම
නොහැඟේ තාවකාලික බව බලය තම
දිගු කාලයක් රැක ගන්නා පිණිස නම
නිරතුරු නිහතමානී විය යුතුය සැම
 
එම්.සී. පියදසුනි – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *