නිර්දේශිත නිර්මාණ Banner - Week 02

නොලද ආදරේ

විඩාබර ගතට ඔසු ඔබේ මුදු සිනහවයි
හදට නිසසල ඇවැසි ඔබෙගේ සෙනෙහසේ කතාවයි
ජීවිතය ගොඩනඟන්නට ඔබව උවමනයි
ඔබේ මුව සිපගන්න අවැසි මේ වෙලාවයි

බෑවුමක් ඇති තැනනි දියපහර ගලන්නේ
ආදරය ඇති තැනයි සිතේ නිති රැඳෙන්නේ
ඔබේ මුදු පහසටයි සිතපුරා සරන්නේ
ඒ පහස හදවතේ සදාකල් විඳින්නේ

උදෑසන පිණි බිංදු සියොලඟම දැවටෙද්දි
සිනාමල් පොදි බැඳන් මා වෙතට ළං වෙද්දි
තුරුළු වී ආදරෙන් අපි දෙදෙනා එක්වෙද්දි
මියගියත් කමක් නෑ නුඹෙ තුරුලෙ නැළවෙද්දි

නිල් අහස් ගැබ පුරා තරු රටා ඇදෙනවා
මගේ හදවත පුරා නුඹ රුව මැවෙනවා
ආදරෙන් තුරුළු කර සිපගන්න හිතෙනවා
සිත මිසක් මගේ ළඟ කය නැතැයි සිතෙනවා

ආදරේ මියුරු ස්වර හදවතට කොඳුරන්න
ඔබේ මුදු වත කමල ආදරෙන් සිපගන්න
ඉඩක් ලද නිමේෂයෙදි ඔබෙ වතට හිරවෙන්න
ලැබේ නම් හැකිවේවි ඔබෙ තුරුළෙ මියයන්න

ඉඩෝරය නිමාවී මහා වැසි වැටෙනවා
ගස්වලට වැල්වලට පණ ඇවිත් නටනවා
ඔබේ උණුසුම හදේ සෝ ගිනි දැවෙනවා
ආදරය සොයාගෙන ඉගිලෙන්න හිතෙනවා

කේ.ඩී.පත්මා – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *