ණයට ඉල්ලා අමනාප නොවන්න

ණයට ඉල්ලා අමනාප නොවන්න

දෙතුන් දවසක් තිස්සේ අම්මා මුළු ගැන්විලා
ඒ මුහුණ මැලවෙද්දී බැහැ ඉන්න ඉවසලා
හය හතර නොදත් මම ඇය නමට පවරලා
අප්පච්චි බොහො කල් ලූ අපෙන් දුරකට වෙලා…

දවසේ කුලියක් කරන් ජීවීතේ ගැට ගහපු
අම්මා දැන් සති දෙකක් කුලියටත් නොම ගියපු
මුදලාලී මුළු ගමට සල්ලාල නම දරපු
යමක් ඇත සිදුවෙලා වරදක්ද ? ඔහු කරපු….

තිබුණු උනු හාලේ බත පොල් එක්ක කවද්දී
තුරුළු කරගෙන මාව ඉඹ ඉඹා අඩද්දී
හිතුණා මට සිය වරක් ඇස් දිහා බලද්දී
අම්මා අසරණ වෙලා මුළු
ලොවක් නිදද්දී…

කුස්සියේ මුකුත් නෑ අද රෑට උයන්න
සතියකට එක වරයි කෑවේ බඩ පිරෙන්න
මගේ අම්මා මේ තරම් දුක් වෙනවා බලන්න
බැරි නිසා හිතුවා මම මොනවා හරි කරන්න…

එක හැල්මේ දිව ගියත් බඩු මුට්ටූ ගෙනෙන්න
නැවතුනා ඒ අකුරු මොනවැදැයි බලන්න
තප්පරෙන් හැකි උනා වචන ටික කියන්න
“ණයට නම් ඉල්ලා අමනාප නොවන්න”

නීෂා මධූරංගී – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *