අහිමි සෙනෙහස

අහිමි සෙනෙහස

පුරා සඳ රැස් ගලන අහසට
උනා තරුවක් එළිය දෙන්නට
කියා මෙතුවක් ආදරෙයි මං
බැරිය සෙනෙහස ලියා ගන්නට

ආදරේ මගෙ පතා මෙතුවක්
කාලයක් ඹබ බලන් උන්නා
ඔබට පෙම් බැඳි එකම තරුවක්
අඳුරු අහසේ දිලී තිබුණා

අනේ සත්තයි ඔබම විතරයි
කියා ඔහු නෙත් තුළට එබුණා
මගේ ලෝකය මගේ හිමි වී
ඉන්න පැතුමක් හදේ රැඳුනා

එහෙත් මලකින් මලට පියඹා
ඇදෙන වන බඹරෙකු විලාසෙන්
මගේ නෙත් මානයෙන් ඈතට
ඉගීලුනා ඔබ ඉගිලුනා

සෝ සුසුම් මැද දවස ගතවී
අඳුරු කුටියක සැඟවුණා සේ
සිතින් දැවි දැවි දිවි ගෙවුන මුත්
සැනසුමක් නෑ සිතට දැනුනේ

දිනක් තනිවී සවස් යාමෙක
මුහුදු රළ පෙළ සිප ගනිද්දී
වදන් ඇසුනා මටත් රහසේ
කනට කොඳුරා පැවසුවා සේ

දෑත මාගේ තදින් අල්ලා
පුංචි පුතු මට සිනා පෑවා
ගතම මාගේ තදින් වෙවුලා
වදන් මුව තුළ ගොළු වුණා

මගේ ලෝකයෙ මගේ හිමිවී
උන්නු නුඹ අද මුහුදු වෙරළේ
කුඩා පුතු සහ බිරිය සමඟින්
සැදෑ සමයක තනි වුනාදෝ

කමක් නෑ මට අනේ සත්තයි
කැදැල්ලක් බෑ කඩා දමනට
සිතේ සෙනෙහස පිරී තිබුණත්
ගියා මා නාදුනන විලසට

 

ජී. එස්. මධුවන්ති ගීකියනගේ – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

– ඉදිකටු පන්හිඳ –

 

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *