සඳවතිය හා පෙම් කරනවිට
විහඟුන් තුරු මුදුන් මත
සඳ එළිය වැටී නදී සියොළඟ
මිහිරි ගීයක පද වැලක් විය
මුමුණ මුමුණා ගොතන රස පද
දිය ලතා මත ගසා වනමල්
පුබුදුවා සිතේ මිහිරි හැඟුමන්
හදේ පුබුදන මතක මනරම්
රැයේ පුබුදන කුමුදු – ඕලු ද
සුවඳ විහිදේ හමන පවනින්
ලොවේ බොදුදන දැහැමි කර සිත
හදේ ගැඹුරුම තැනින් මතු කර
පිපි වැහිමල් සැරසූ ගත – මත
නිවී අරණක තිබූ සුවසෙත
නගා ඉඟ සුඟ නටා වියරුව
වැළපුනේ කිම – රුදුරු විලසින්
පිපුණු වැහිමල් පරව ගිය විට
දුටිමි ඔබෙ වතේ මළානික බව
සඳවතිය රහසින් කියූ කව
ඇසී සුවනෙත දුටිමි අනියත
මධුසංඛ රුවන් රණවීර – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය
– ඉදිකටු පන්හිඳ –