මවකගේ සෙනෙහස

මවකගේ සෙනෙහස

වැලිකතරේ පිපාසයයට දිය දෝතක් වැනි
ගතට සිසිල ගෙන එන මෘදු සුළං රැල්ල වැනි
ඝණ අඳුරේ මග පෙන්වන පහන් ටැඹක් වැනි
ලොවට එළිය විහිදන රන් හිරු කිරණක් වැනි
 
පෝයදාට අහසේ දිළෙන පුන්සඳ වන් වැනි
සිනහ පිරුණු නුඹේ මුහුණ ඒ සඳවන් වැනි
සවන් පිනන ගීයක පද පේළි වන් වැනි
සෙනෙහෙ පිරුණු නුඹේ වදන් ගීයක් වන් වැනි
 
මුලු ලෝකෙම දරා සිටින පොළෝතලය වැනි
බාධක මැද නුඹේ හිතේ දිරියත් ඒ වැනි
හිමිදිරියේ සිත පුබුදන මල් යායක් වැනි
නුඹේ ගුණ කඳ ඒ යායේ මල් සුවඳම වැනි
 
ඉමක් කොණක් නොපෙනෙන මහා සයුරු තෙරක් වැනි
දරුවන් හට නුඹෙ සෙනෙහස ඒ සයුරම වැනි
නිමක් කියා ඉවර කරනු බැරි විශ්වය වැනි
අම්මේ නුඹේ ආදරයත් ඒ විශ්වය වැනි

පවිත්‍රා දුලාංජලි – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *