නැවත නොයෙන සොඳුරු මතක

නැවත නොයෙන සොඳුරු මතක

තෙල් ගාලා කොණ්ඩ දෙකත් ගොතාගෙන
පොල් කටු අයන් රස්නෙන් රැළි තියාගෙන
සුදු ගවුමට පටි සෙරප්පු දමාගෙන
පාසල් ගියේ අපි මව්පියො නැමදගෙන
 
ගුරු මේසේ හැඩකරන්න හිතාගෙන
පාරදිගේ ඇති මල් ඇති කඩාගෙන
ගුරු පාරෙන් ඒ දණ්ඩෙන් ඉවුරු පැන
පාසල් යන්නේ අපි සතුටින් රෑන ලෙස
 
නගරෙ තියෙන ලොකු පාසල් සොයාගෙන
පාසල් යන්නේ දැන් ළමයින් ගමෙන් පිට
වෑන් එකෙ හෝන් සද්දේ අසාගෙන
කඩිමුඩියේ දුවන්නේ දොර කඩාගෙන
 
පාන්දරම නැගිටලා නිදිමතේ හිඳ
වෑන් එකේ යන්නේ නිදි කිරාගෙන
පාසලෙන් පස්සේ තව ටියුෂන් පන්ති වෙත
ගිහින් එද්දී මුලු දවසම ගෙවී ඇත

පාසල් ගොසින් එනවිට ඇළවේලි වල
අඹ දඹ කඩාගෙන කාලා කැලෑවල
අපි විඳගත් අපේ සුන්දර ළමා විය
දැන් ළමුන්ට නැති එකනම් දුකක් විය
 

දීපා නිමාලි – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *