සොඳුරු පෙම්වතාණෙනි

සොඳුරු පෙම්වතාණෙනි

කුළුඳුලේ සිත ගාව – හොර හොරෙන් ඉඟි පෑව
තරු දෑස් දල්වාන – එනතුරු මග බැලුව
ආදරේ වැස්සක්ව – ඉර හඳත් ළඟ තිබ්බ
සොඳුරු පෙම්වතා නුඹ – රහසේම පෙම් පිරුව

දඟකාර යෞවනේ – සෙවණැල්ල සේ මුදූ
නෝක්කාඩු වූ දාක – දුරින් රැකවල් තැනූ
ආදරෙන් ළං කරන් – මග නොමග ගැන කියූ
ළබැඳි පෙම්වතා නුඹ – දිවි මගට දිරි පිදූ

හිමිවෙනා තුරු දිනෙක – පැතුම් දහසක් පැතූ
අහිමි වෙන ලොවක් දැක – හඬ හඩා දුක කියූ
ලොව උතුම් පදවියෙන් – පුදා බුහුමන් තැබූ
සොඳුරු පෙම්වතා නුඹ – සදා මගෙ හිමි සඳූ

ස්වර්ණලතා – බ්‍රැන්ඩික්ස් මීරිගම 01 ආයතනය
– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *