පන්සිල් රකින අය හොඳ නම රැකෙනවලු
හරි දේ කරන අය නිසිඵල ලබනවලු
වේයා පොඩි උනත් තුඹහක් බඳිනවලු
කවියක් එවන මම කවදත් වටිනවලු
සූකිරි මගේ ආදර ගඟ ගලනවද
මී පැණි විලස පැණි රසයක් තිබෙනවද
පැණි රස තිත්ත බවටත් දැන් හැරෙනවද
අත්වැල කැඩිලා ඔබ තාමත් අඬනවද
කවියක් එවන විට ඉඩ ඇති වේලාවේ
තාලය කුමටදෝ බට ලී නලාවේ
කාලය ගෙවනු බැහැ මට හුදකලාවේ
කවියක් එව්වා විඳි රස පෙම් ගුලාවේ
වරදක් උවා නම් කවි මේ එවූ මගෙන්
ඉවතට ලන්න එය ඔබ සැම කරුණාවෙන්
ආලය කරනු කවදත් කල්පනාවෙන්
ජීවිත සතුට ලැබ ගෙන ඉමු දයාවෙන්
කාන්ති අයිරාංගනි – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය
– ඉදිකටු පන්හිඳ –