කන්ද උඩින් ඉර මාමා එබී බලනවා
දෙවැට දිගේ මල් පිපිලා සුවඳ හමනවා
සීතල පිනි කැට තුරු අතරින් බිමට වැටෙනවා
උදෑසනක අසිරිය දැන් ලොවෙහි පෙනෙනවා
කුකුළුරාළ කෑ මොර දී නාද කරනවා
කුරුලු පැටව් රංචු පිටින් ඉඟිලි යනවා
සීතල මදනල ඇවිදින් ළයෙහි වදිනවා
උදෑසනක අසිරිය දැන් ලොවට කියනවා
ගොවි මාමාත් කඩිමුඩියේ වෙලට ඇදෙනවා
නියර දිගේ මල් පිපිලා සුළඟේ වැනෙනවා
සමනලයෝ රෑන පිටින් පියඹා යනවා
උදෑසනක අසිරිය දැන් ලොවට පෙනෙනවා
පුංචි ළමයි කොක්කු රෑන් වගේ ඇදෙනවා
කිචි බිචි ගා පුංචි පැටව් ගීත ගයනවා
මුළු ලෝකය අවදි කරන් ඉර පායනවා
උදෑසනක සිරි අසිරිය ලොවට පෙනෙනවා
එච්. එම්. සඳුනි – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය
– ඉදිකටු පන්හිඳ –