අම්මා

අම්මා

යහපත් දේ යහපත් ලෙසින් ද
අයහපත් දේ අයහපත් ලෙසින් ද
දකින්නට සම්මා දිට්ඨිය
කියා දුන්නේ ඔබයි

කුරිරුයි, කපටියි, ආත්මාර්ථකාමියි
පුතේ මේ සමාජය
නිතර හොඳ සිහි කල්පනාවෙන්
සිටින්නට සම්මා සංකප්පය
කියා දුන්නේ ඔබයි

සවනට මිහිරි වචන හැම විට
තෙපලන්න සම්මා වාචා
කියා දුන්නේ ඔබයි

කිසිවෙකුට දුක් පීඩා දී එපා මුදල් උපයන්න
යහපත් රැකියාවකින්
ජීවිතය ජය ගන්න සම්මා කම්මන්ත
පුරුදු කළේ ඔබයි

ලොවක් ඔබ දෙස බලා සිටී පුත
නිතර යහපත් ක්‍රියාවන් කර
යහපත් දිවි පැවැත්මට හුරු කර
සම්මා ආජීවය
කියා දුනනේ නුඹයි

උත්සාහය ගෙන යන්න යහපත් ක්‍රියාවන්
කර ලොවක් දිනන්නට
සම්මා වායාම
කියා දුන්නේ ඔබයි

එකිනෙකා පරයමින් දුවන මේ සමාජය තුළ
නිතර හොඳ සිහියෙන්
ජීවන අරගලය ජය ගන්න
සම්මා සතිය
පුරුදු කළේ ඔබයි

නොසන්සුන් සිතින් ජීවිතය ජය ගන්න
බැරිය පුත
සන්සුන් සිතින් ඉදිරියට යන්නට
සම්මා සමාධිය
පුරුදු කළේ ඔබයි

 

කේ. ජී. ගීතිනා කුමාරි – බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *