මිනිස් කැල හට වෛර
කරනා වසංගතයක් චීනේ
හැදුනා…
ලොවේ තැන තැන දහස්
ගණනින් බලා ඉද්දිම
ඇඳට වැටුණා…
සබඳ උන්ටත් ඔබට මට මෙන්
ගොඩක් ලස්සසන හීන
තිබුණා…
යොදුන් දහසක් දුරින්
හිටියත්, උන්ගේ උණුසුම
ළයට දැනුනා…
කවි ලියන්නට සිනා සෙන්නනට
හැකිද මගෙ හිත මගෙන්
ඇසුවා…
උන්ගේ කඳුළක තෙත
දැනුණු මගේ
කවි හිතත් හිටි ගමන්
මැරුණා…
ධනංජනි රත්නායක – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය