පාළු අහස කළුවර වී
සඳේ කිමද නුඹ නාවේ…
ඇගේ ළමැට ගුලි වන්නට
මගෙ සෙනෙහස මදි වූයේ…
සරා සඳේ තරු දිලිහේ
නුඹ නැති රැය අඳුර මැදින්
පියමන් කළ පිය සටහන්
දිස්වෙයි අද කඳුළු වැටේ…
කෝමල මගෙ කුළුඳුල් පෙම
බිඳී ගියත් නෙත් අග අද
එදා කියූ ආදර බස්
තෙපලයි මම අඩමානෙට…
සඳුට හොරෙන් තරු ආවත්
හිරුට හොරෙන් නුඹ නාවත්
මටත් හොරෙන් ඇය ආවත්
මගේ ලෝකෙ රජු නුඹමයි…
එදා පිදූ මේ සෙනෙහස
මිලින උනත් ඇස් අග අද
කෝඩුකාර නුඹේ පෙමට
ආලේ කරයි මියෙන තුරුම…
නුඹෙ උණුහුම ලැබෙයි සිතා
බලා හිඳිමි දෑස් වසා
නෙතු හැඬුවෙමි ඔබට හොරා…
දිනේෂා – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය