නික්ම ගිය විරුවාණනි

නික්ම ගිය විරුවාණනි

සතුකොට මතක ජීවන සිත්තම් ඉරුණි
නෙතු අදහනු බැරුව හිත කඳුළින් තෙමුණි
අතුඅග වැදී ලිස්සා යන හඬ ඇසුණි
පුතු ලක් මවගේ ඇකයෙන් ගිලිහී වැටුණි

විනිවිඳ ගුවන පෙන්වා තෙදබල එඩිය
තනිවම පෑ විකුම් මුළු අහසට වැඩිය
ගිනිගත් බිම තබා ඔබේ අවසන් අවිය
විරුවන් සැඟව ගිය යට ජාතික කොඩිය

චාපා අංජලි – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *