ඉස්සර ගැන මතක් වෙද්දි සිහි වෙනවා උඹව
දැක ගන්නට විදිහක්වත් නැද්ද කියා විටෙක
මතක් වෙනවා එක පාරට වෙනස් වෙලා ඇතිද
නෙත ගැටෙද්දි හඳුන ගන්න හැකි වේවිද විගස
මුණ ගැසුනොත් යම් දවසක මග තොටේදි අපිව
අහපන් බන් අදුරනවද නැද්ද කියා මාව
කිසිත් එපා ඉස්සර වගෙ දාපන් අත කරට
ඒ ඇති බන් සැනසෙන්නට අපේ යාලු කමට
සල්ලි පස්සේ දුව යනකොට නොපෙනෙන මග තෙරක
සෙනෙහෙන වන්ත කම් මගහැර යන්න එපා මිතුර
නොදැක්කාට වරදක් නෑ සතුටින් නම් මිතුර
තෙරුවන් සරණය නුඹලට පතනවා මං මිතුර
ඩී. එම්. ප්‍රියංකා ප්‍රියදර්ශනි සමරකෝන් – බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය