රත්තරන් අම්මා

රත්තරන් අම්මා

මහ මුහුදේ මහ සුළඟට
රුවල ඉරෙයි යන බියෙන්
වෙර දරාන දුක උහුලන
පින් කඳ නුඹ මගෙ අම්මේ…

මඩ වතුරේ හැඩට පිපුන
පිපී දිලී සුවඳ බෙදන
බුදුන් නමට පිදුන කුසුම
මා දුටු සුදු නෙළුමයි නුඹ…

සංසාරේ බුදුවන්නට
පෙරුම් පුරා දුක උහුලන
මෙතේබුදුන් බුදු වන දින
නිවන් දකින් මා පින් කඳ…

කල්පනී ප්‍රේමචන්ද්‍ර – බ්‍රැන්ඩින්ස් වතුපිටිවල ආයතනය

Facebook