BFFW - Bodhi Pooja

බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනයේ ගලා ගිය සදහම් සුවඳ

බ්‍රැන්ඩික්ස් මවගේ දූ දරුවන් ලෙසින් අපි ප්‍රගුණ කරන ගුණ ධර්මයන් මෙතෙකැයි කියා සඳහන් කරන්නට බැරි තරම්. එලෙසින් අපි ප්‍රගුණ කළ එක් ගුණාංගයක් තමයි කළ ගුණ අමතක නොකිරීම. එලෙසින් කළ ගුණ සිහිපත් කිරීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් 16 වැනිදා බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා.

කොරෝනා වසංගතය හමුවේ මුළු මහත් ලෝකයම අසරණ වනවිට එයට සාර්ථක අයුරින් මුහුණ දුන් රටවල් කිහිපය අතරට අපේ මේ පුංචි මුතු ඇටයත් එක් වුණා. තාක්ෂණය මෙන්ම වෛද්‍ය විද්‍යාව අතින් ඉදිරියෙන්ම සිටින ලොව මහා බලවතුන් පවා මෙම ව්‍යසනයේදී කඩා වැටෙනවිට මේ පුංචි සිරිලක් දීපයේ අපි සුරැකුණේ අපගේ ආරක්ෂක මෙන්ම වෛද්‍ය අංශවල අප්‍රතිහත කැප කිරීමේ මෙන්ම බුදුන් තෙවරක් වැඩි මේ පින් බිමේ අනුහසත් සමඟින්මයි.

බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය, මෙලෙසින් කොරෝනා උවදුරින් අපේ රටත්, ආයතනයත් ආරක්ෂා කිරීමට ස්තූති පූර්වක වීමේ අධිෂ්ඨාන බෝධි පූජාවක් සංවිධානය කළා. ඒ, එම ආයතනයේ කළමනාකාරීත්වයේ මෙන්ම ආයතන සාමාජික සාමාජිකාවන්ගේද සහයෝගය සහ සහභාගීත්වයෙනුයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *