සත්කාරයේ චමත්කාරය - තුන්වන දිගහැරුම

මම බ්‍රැන්ඩික්ස් ආයතනයට මානව සම්පත් නිලධාරිනියක ලෙස සේවයට බැදීම මා ලද භාග්‍යයක් ලෙස සිතුනා. ඒ වගේම මානව සම්පත් නිලධාරිනියක ලෙස සතුටින් සේවය කරද්දී සමාජ සත්කාර සම්බන්ධිකාරකවරියක් ලෙස මට කටයුතු කිරීමට හැකි වුණා.

ඒ වගේම මගේ කාර්යබහුල ජීවිතයත් මට ප්‍රබෝධයක් එක් කලා. මට සහ බ්‍රැන්ඩික්ස් මගේ සාමාජික, සාමාජිකවන්ට ද වටිනා අත්දැකීම් රාශියක් ලබා ගත්තා.

ඒ වගේම එකම රාමුවකට කො‍ටු නොවී කටයුතු කිරීම ද මා ලද ජයග්‍රහණයක් ලෙස මට හැගෙනවා. මෙසේ සේවය කරගෙන යනවිට සමාජ සත්කාර වැඩසටහන් මගින් ද අපගේ සාමාජික, සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සහ අනෙකුත් සියළුම දෙනාගේ ආදරය, සතුට, විශ්වාසය, ස්තූතිවන්තභාවය ද මට ඉදිරි කටයුතු කරගෙන යාමට ශක්තියක් වුනා.

ඒ වගේම බ්‍රැන්ඩික්ස් අපගේ  සාරධර්ම ද මාගේ පවුලේ සහ අපගේ සාමාජික, සාමාජිකාවන් අතරට ද ගෙන යාමට  හැකි වී තිබීම ගැනද මා බෙහෙවින් සතුටට පත් වී තිබෙන කරුණක් බව ඉතා සතුටින් කිව යුතුය.

ඒ වගේම සමාජ සත්කාර සහ සන්නිවේදන කමි‍ටුව විසින් කරන ලද මෙම වැඩ සටහන් මගින් ආයතනය තුළ සිටින සාමාජික, සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල් වල සිටින අය සහ මිතුරන් තුළ ද විශේෂිත අයෙක් ලෙස පත් වුණා.

ඉතින් මේ බ්‍රැන්ඩික්ස් මාතාව දින දින බැබළේවායි කියා හදවතින්ම මා ප්‍රාර්ථනා කරනවා.

ලක්මිණී බාලසූරිය
සමාජ සත්කාරක සම්බන්ධිකාරක නිලධාරී – බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *