අප්පච්චිට මං විතරක් බරක් වුණාද
මං හින්දා අපෙ ගෙදරට අපල වෙලාද
අප්පච්චී මං එක්කල තරහා වෙලාද
පන්සලකට දන් දුන්නේ එපා වෙලාද…
මට නම් බෑ අපේ ගෙදර දිහා බලන්න
පිඬු සිඟන්න ගම් මැද්දට බැහැනේ වඩින්න
අම්මා එයි සාදු කියා මටත් වඳින්න
මටත් ඇඬෙයි අම්මාටත් වෙයිනේ අඬන්න…
අප්පච්චිට…
මං දන් දී ලැබුණා නම් පිනක් පිරෙන්න
අප්පච්චිට හැකිවේවා නිවන් දකින්න
මට පුළුවනි ඕනෑ තරම් දුකක් විඳින්න
අප්පච්චියේ ඇවිත් මාව බලලා යන්න…
අප්පච්චිට…
අයි. ඩී. ඉරෝෂා ප්රියංගනී – බ්රැන්ඩික්ස් කටුනායක ආයතනය