සංසාරේ දිගින් දිගට
ආශාවන් පොදි බැදගෙන
ඔලොගු කරේ එල්ලාගන
මම ගාටනවා…
මුල මැද අග කොහෙද කියා
සොයා බැලුවේ නැහැ තාමත්
යන්නන් වාලේ දිගටම
තවමත් යනවා…
කොහෙන් ආවාදැයි නොදනිමි,
කොහේ යන්නෙදැයි නොදනිමි,
නැවතීමක් නැතුව ඔහේ
දිගටම යනවා…
එදා තිබුන සවි ශක්තිය,
ලස්සන,
කෝ? කොහිද කියා?
බැලුවම මම මටවත් නැති
බව වැටහෙනවා…
සිතේ එකඟ බව ඇති කර,
නිවන් පසක් කර ගන්නට,
බවුන් වඩා සමාධියට,
සමීප වෙනවා…
අටලෝ දහමට නතු වී,
ගෙවී යනෙන මේ දිවියේ,
තවත් කොහෙද මියුලැසියක්,
මගේ ජීවිතේ පාළුව ගෙවිලා යනවා…
යූ. ඒ. ලසිකා ලක්මාලි – බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය