මව් පදවිය උරුම නැති දා

මව් පදවිය උරුම නැති දා

කුළුඳුලේ බැඳුණ පෙම වසරකුත් ගතවෙද්දී
රාගයට මග තනා කාමරේ කොටුවෙද්දි
මගේ ඇඟ උඩට වී එදා ඔහු දඟලද්දී
පෙනුණේ නෑ හොඳ නරක ආදරෙන් මත්වෙද්දී

මගේ පහසම සොයා නුඹේ සිත ඉගිලෙද්දි
මන් එන්නේ බොරුකියා නිවැසියන් රැවටෙද්දී
ලැඟුම්හල් ගානේ මං නුඹ එක්ක තනිවෙද්දී
වෙනසකුත් දැනුණා මට ටික කලක් ගතවෙද්දී

පෙර මතක සිහිවෙලා මගේ සිත වැළපෙද්දී
බඩට තුන්මාසයයි හරියටම දැනගද්දී
දැනුණු බයටම ඒක ඔහුට මා පවසද්දී
මුලු හිතම ගැස්සුණා කියු වදන් සිහිවෙද්දී

ඔයා තව පොඩි වැඩියි බෑ කුසක් දරන්නට
මටත් නෑ වැඩි වයස පිය පදවී ලබන්නට
ගෙදරිනුත් පන්නාවී බෑ දැන්ම කියන්නට
නැති කරමු බබා අපි එපා තව හිතන්නට

පවිත්‍රා දුලාංජලි – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *