සිතක මහිම

සිතක මහිම

ඉපදුණු මගේ රට පින්බර මුතු ඇටය
ලස්සන ගමක සිත් පිනවන පරිසරය
නෙතට ගැටෙන විට දැනුණා හද සුවය
රැකගමු අපේ බ්‍රැන්ඩික්ස් නාමේ ධජය

අසරණ මගේ දරු පවුලක් රකින්නට
සතුටින් ගියේ මම ඇඟලුම් කම්හලට
ලස්සන ඇඟලුමක් නිමකර මසන්නට
හදවත වුණේ මගෙ ආදර මැෂිම මට

කාලය වටිනවා රන් මිණි මුතු වාගේ
ඇඟලුම් මසයි ලස්සන තත්ත්වයට මගේ
අප රැක ගන්නේ නායක පියතුමා මගේ
මගෙ ජීවිතේ බ්‍රැන්ඩික්ස් මිනි පහන වගේ

කොරෝනාව වැනි භීෂණ මුළු ලොවට
ආවත් රකුසු මෙන් මගෙ රට ගිලගන්ට
රැකගෙන අපේ දිවි මං පෙත ඉදිරියට
සැමදා දිරිය දුන්නේ නායකතුමා අපට

මුළු ලෝකයෙම බ්‍රැන්ඩික්ස් නම බබලන්ට
එකමුතුකමේ බලයයි සිහියට ගන්න
අපෙ දිවි රකින මෙය සුර විමනක් වැන්න
අනාගතේ මතු පරපුර රැකගන්න

පොකුරු පොකුරු පිපුණත් මල් අතු අගට
ගසේ සවිය රැකගමු අපගේ දැයට
බ්‍රැන්ඩික්ස් දෙවියන්ට තුති මල් පුදන්නට
එක්වෙමු සැවොම බ්‍රැන්ඩික්ස් රන් විමන යට…

පත්මා හේරත් – බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *