සත්කාරයේ සන්නස

සත්කාරයේ සන්නස - පළමු සන්නස

මා බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයේ මැෂින් ක්‍රියාකරවන්නියක් වශයෙන් සේවය කරමි. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කිරීම මා ලද භාග්‍යයක් ලෙස මම දකිමි.

මන්දයත් බ්‍රැන්ඩික්ස් සමාජ සත්කාර ඒකකය මගින් අපිට වගේම අපගේ දූ දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ හේතුවෙන් බ්‍රැන්ඩික්ස් සමූහය පිළිබඳව අපගේ නිවෙස් වල සාමාජික සාමාජිකයින් අතර පවතින්නේ විශ්වාසයත්, එම සමාජ සත්කාර කටයුතු පිළිබඳව අප හදවත් තුළ ඇත්තේ ඉතාමත් ආඩම්බරයක්.

පැවති කොරෝනා වසංගත සමයේ වුවද පාසැල් නිවාඩු ලබා දී ඇති සමයේ අපගේ දූ දරුවන් සදහා ප්‍රශ්න පත්‍ර කට්ටල ලබා දුන්නා. ඒ වගේම අපගේ පාසැල් යන දූ දරුවන් වෙනුවෙන් මුඛ ආවරණ කට්ටල ලබා දුන්නා. ඒ වගේම සෑම වසරක් පාසාම පාසල් උපකරණ කට්ටල සමාජ සත්කාර ඒකකය මගින් ලබා දීම අපට මහඟු අත්වැලක් වුණා. ඒ වගේම සමාජ සත්කාර ඒකකය මගින් අපගේ ගමට ජල පහසුකම් ලබා දීම මගින් ගමේ ජනතාව තුළද බ්‍රැන්ඩික්ස් ආයතනය පිලිබදව පවතින්නේ ඉතාමත් විශ්වාසදායක ගෞරවනීය හැගීමකි.

ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමතියි බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකාවක් වීම මා ලද මහත් භාග්‍යයක් ලෙසයි. එමෙන්ම දිනෙන් දින බ්‍රැන්ඩික්ස් නාමය ලොව පුරා ව්‍යාප්ත වේවායි ප්‍රාර්ථනා කරමි.
 

එම්.එ.කේ චතුරිකා සඳමාලි – බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *