සැමට සුව පතා දැල්වූ ප්‍රාර්ථනාවේ පහන් සිළු

සැමට සුව පතා දැල්වූ ප්‍රාර්ථනාවේ පහන් සිළු

පහන් සිළකින් අන්ධකාරය දුරුකරන්න පුළුවන්. ඒ වගේම එකම පැතුම දහස් මුවකින් නික්මුනාම එය ඉටු වෙනවා. එලෙසින් එකම පැතුමක් හද දරාගත් බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජික සාමාජිකාවන් 2020 ඔක්තෝම්බර් 16 වැනිදා එකම වෙලාවක පහන් සිළු දහස් ගණනක් දල්වමින් එකම ප්‍රාර්ථනාවක් කරනු ලැබුවා.

කොරෝනා රෝගයෙන් පීඩා විඳින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සාමාජිකයින්ට මෙන්ම සමස්ත ලාංකිකයින්ටත්, ලෝක වාසීන් සියලු දෙනාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මෙම වැඩසටහනේ අරමුණ වුණා. ලංකාව පුරාම සිටින බ්‍රැන්ඩික්ස් සාමාජිකයින් එකම මොහොතක එකම පැතුමකින් තම තමන්ගේ ආගමානුකූලව පහන් සිළු දැල්වීම සිදු කළා. ඒ සඳහා බ්‍රැන්ඩික්ස් සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිනුත් සම්බන්ධ වූ අයුරු අපට දකින්නට ලැබුණා. කොතරම් අසීරු අවස්ථාවන්, අභියෝග ආවත් එකම පවුලක සාමාජිකයින් ලෙසින් අපි එක්ව සිටින බවට මේ හොඳම උදාහරණයක්.

එකම පැතුම හදවතින්ම හැමදෙනාම ප්‍රාර්ථනා කරන කොට එය යෝධ ශක්තියක්ව විශ්වයට මුදා හැරෙනවා. අඳුර දුරුකර දැල්වෙන මේ ආලෝකය හෙට දිනයේ බලාපොරොත්තුවේ ප්‍රදීප්තිය වේවා යන්න වියමන් අපේ පැතුමයි.

සාර්ථක අයුරින් පැවති මෙම වැඩසටහන සම්බන්ධ ඡායාරූප නැරඹීම සඳහා පහත link ඔස්සේ වියමන් facebook පිටුවට පිවිසෙන්න.

ඡායාරූප සඳහා පිවිසෙන්න : ” සැමට සුව පතා දැල්වූ ප්‍රාර්ථනාවේ පහන් සිළු Facebook සටහන “

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *