“නිවසේ සිට නිරෝධායනයවීම” කියලා හඳුන්වන්නේ සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම වගේම අනිත් අයට රොගය බෝ නොවන ලෙස ඔවුන්ගෙන් ඈත්වී සිටීමයි.
ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග:
1.හැකිනම් හොඳ වාතාශ්‍රයක් තිබෙන වෙනමම කාමරයක් නිරෝධායනය වෙන පුද්ගලයාට වෙන් කරන්න. ඒ වගේම ගෙදර සිටින අනෙක් සාමාජිකයින් ඒ පුද්ගලයාගෙන් වෙන්ව වෙනමම කාමරවල සිටින්න.
2.පවුලේ සාමාජිකයින් අතර මීටරයකවත් පරතරයක් තියාගන්න.
3.ගෙදර අනිත් අයට වෙනමම නාන කාමරයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒත් එකම නාන කාමරයක් පාවිච්චි කරනවා නම් ජල කරාම, දොර හැඬල සහ අනෙකුත් දේවල් සබන් සහ ජලයෙන් පිරිසිදු කරන්න.
4.ගෙදරට අමුත්තන් ගෙන්වා ගැනීමෙන් වලකින්න.
5.වරකට අඩුම තරමේ තත්පර විස්සක් වත් සබන් සහ ජලයෙන් අත් සේදීම නිතරම කළයුතු වන අතර අත් සේදීමේ පහසුකම් නොමැති අවස්ථාවන්වලදී ඇල්කොහොල් සහිත පිරිසිදුකාරක ද්‍රව්‍ය භාවිතයෙන් අත් පිරිසිදුව පවත්වා ගත යුතුයි.
6.අත් නොසෝදා ඇස්, නාසය සහ මුව ඇල්ලීමෙන් වලකින්න.
7.නිවසේ නිරෝධායනය වන පුද්ගලයන් දවසට දෙවරක් ශරීර උෂ්ණත්වය උෂ්ණත්වමානයකින් පරීක්ෂා කළ යුතුයි. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, උගුරේ අමාරුව, ශරීරයේ කැක්කුම් සහ වේදනා ඇතුළු උණ රෝග ලක්ෂණ පෙන්නුම්කරයි නම් ඉක්මනින්ම ඔබ ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි (MOH)/මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාට (PHI) දන්වන්න.
8.එක වරක් පාවිච්චි කර ඉවත දමන මුව ආවරණ සහ අත් වැසුම් වරක් පාවිච්චි කළ පසුව නැවත පාවිච්චි නොකර හොඳින් වැසෙන බඳුනකට හරි විදිහට ඉවතලන්න.
9.නිරෝධායනය වන පුද්ගලයන් සඳහා වෙනම පිඟන්, වතුර වීදුරු, කෝප්ප, ආහාර ගැනීමේ උපකරණ, තුවා, ඇඳ ඇතිරිලි සහ අනෙකුත් භාණ්ඩ වෙන්කර තබන්න.
10.පාවිච්චි කරන ලද උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් සබන් සහ වතූර භාවිතයෙන් හොඳින් පිරිසිදු කරන්න.