රෝහලේ සිට නිවසට යන ඔබට වැදගත් වන තොරතුරු කිහිපයක්

කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම නිසා රෝහල්ගතව සිටි ඔබ නිරෝගීවීම පිළිබඳව අප සැම බෙහෙවින්ම සතුටුවන අතර ඔබ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පහතින් දක්වා ඇති සෞඛ්‍යය උපදෙස් පිළිපදින මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

  1. ඔබ නිරෝගි තත්ත්වයට පත්වූ බව රෝහල් කාර්යමණ්ඩලය මගින් දැනුම් දුන් පසු ඒ පිළිබඳව ඔබගේ පවුලේ සාමාජිකයින්ට සහ ආයතනයෙන් ඔබ හා සම්බන්ධවූ නිලධාරියෙකු වෙත දැනුම් දෙන්න.
  2. රෝහලෙන් පිටව යන ඔබ තවත් දින 14 ක් නිවසෙහි ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බැවින් ඒ සඳහා සුදුසු පරිසරයක් සූදානම් කරගැනීමට කටයුතු කරගන්න.
  3. ඔබගේ නිවස තුළ ඔබට පමණක් වෙන්වූ කාමරයක් සහ වැසිකිළියක් තිබේ නම් එය ඉතා මැනවි.
  4. නමුත් ඔබට එම පහසුකම් සපුරාගැනීමට අපහසු නම් ඒ සඳහා විශේෂිත සෞඛ්‍යය උපදෙස් අනුගමනය කරන්න.
  5. රෝහලේ සිට පැමිණි වහාම සියලු ඇඳුම් ඉවත්කර ස්නානය කරන්න. විෂබීජ නාශක භාවිත කර සියලු ඇඳුම් හොඳින් සෝදා තද අව්වේ වේලා ගන්න.
  6. රෝහලේදී භාවිත කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හැර අනෙකුත් සියලු දේ ගිනිතබා විනාශ කරන්න.
  7. පවුලේ සාමාජිකයින්ගෙන් වෙන්වූ ස්ථානයක් සූදානම් කරගෙන එහි රැඳී සිටින්න.
  8. සෑම අවස්ථාවකම මුව ආවරණයක් පැළඳ සිටින්න.
  9. ආහාර ගැනීමට භාවිත කරන කෝප්ප, පිඟන් සහ අනිකුත් භාණ්ඩ තනි පාවිච්චිය සඳහා වෙන්කර ගන්න.
  10. භාවිතයට ගනුලබන අනෙකුත් ආහාර වෙන්කර තබාගන්න.
  11. ආහාර ගැනීමෙන් පසු ඉවතලන ඉඳුල් සහ අපද්‍රව්‍ය වේ නම් ඒවා වෙනම එකතුකර එවෙලෙහිම ගිනිතබා විනාශ කරන්න.
  12. දිනකට අවම වශයෙන් තුන් වරක්වත් භාවිත කරන මුව ආවරණ ඉවත් කරන්න.
  13. භාවිතකරන ඇඳුම් වෙනමම සෝදාගන්න. අනෙකුත් අයගේ ඇඳුම් සමග සේදීමෙන් වැළකී සිටින්න.
  14. වැසිකිළි භාවිතයෙන් පසු විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න.
  15. පිටස්තර පුද්ගලයන් නිවසට පැමිණීම සීමා කරන්න.
  16. ඔබ සමග පවුලේ සාමාජිකයින් එක නිවසෙහි රැඳී ඉන්නේ නම් ඔවුන්ටද නිවසෙන් පිටවීමට ඉඩ නොදෙන්න.
  17. සති දෙකක කාලයකට අවශ්‍ය සියලු භාණ්ඩ කලින්ම ගෙනවිත් තබා ගන්න.
  18. සති දෙකක කාලය තුළදී ඔබගේ සෞඛ්‍යය තත්ත්වයේ වෙනස්කමක් ඇතිවුවහොත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍යය පරීක්ෂකතුමා දැනුවත් කරන්න.
  19. මෙම කාලය තුළ ඔබගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව වැඩි අවදානයක් යොමුකරන්න. ඔබ කිසියම් රෝගයක් සඳහා දීර්ඝ කාලීනව බෙහෙත් ලබාගනී නම් දින 14 කට අවශ්‍ය සියලු බෙහෙත් ගන්න.

ඔබට යම් උපදෙසක් හෝ උපකාරයක් අවශ්‍ය වුවහොත් මානව සම්පත් අංශය ඇමතීමට කටයුතු කරන්න.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *