නව වසරට තිළිණ ලැබූ රන් දරුවන්

නව වසරට තිළිණ ලැබූ රන් දරුවන්

කොරෝනා රෝග ව්‍යාප්තිය හේතුවෙන් රටම වසා තිබූ 2020 වසර සෑම වයසකම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අතිශයින් දුෂ්කර වූ වසරකි. එවන් අපහසුතා මධ්‍යයේ වුවත් එම දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාජ සත්කාර අංශය විසින් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් ලබාදීමේ පරම පවිත්‍ර චේතනාව පෙරදැරි කරගනිමින් අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන මෙවරද සාර්ථකව පැවැත්වීමට සමත් විය.

ඒ අනුව වයස අවුරුදු හයේ සිට 19 දක්වා එනම් පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දූ දරුවන් 13,734 දෙනෙකු අතරේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ උත්තර සහිත අධ්‍යාපන කට්ටල බෙදා දීමට හැකිවිය.

එමෙන්ම පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් හට අවශ්‍ය පාසල් බෑග්, පොත් පත් ඇතුළු අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහිත රන් දරු තිළිණ 8,601 ක් බෙදාදීමට හැකි විය.

එපමණක් නොව ප්‍රමාණ දෙකකට එනම් වයස අවුරුදු 6 සිට 12 දක්වා සහ වයස අවුරුදු 13 සිට 19 දක්වා යන වයස් කාණ්ඩවල දරුවන්ට ගැළපෙන ආකාරයෙන් ප්‍රමාණ දෙකකින් මුව ආවරණ කට්ටල 16,329 පිරිනැමීමට හැකි විය. ඒ අනුව සමස්තයක් ලෙස මුව ආවරණ 81,645 ක් බෙදා දීමට හැකිවිය.

බාධක අභියෝග මධ්‍යයේ වුවත් මල් මෙන් පිවිතුරු අප දූ දරුවන්ගෙන් අධ්‍යාපනයට නිබඳ ශක්තියක් මෙන්ම ධෛර්යක් වෙමින් බ්‍රැන්ඩික්ස් රන් දරු තිළිණ වැඩසටහන සමගින් එම දූ දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ජීවිත ද පුබුදුවාලීමේ සත්කාර්යය 2021 වසර පුරාවට ද මෙලෙසින්ම ගලා යනු ඇත.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *