කිම නොහැකි සීගිරියෙ අප්සරාවියකට

කිම නොහැකි සීගිරියෙ අප්සරාවියකට

රූ සොබා පිරුණු රුව අගින් තැන්පත් වී
ගිරිකුලක සිතුවමක් වුනත් ඈ ළන් වී
බැලුවොතින් හැඟේවී සතුට ඇත සුන්වී
දුක්ඛිතම ජීවිතයකින් ඉන්ට සිදුවී
 
කවි කතා ගොතා කළ රුවේ වර්ණනා
මත් බඹරු සේනාව ඇගේ සුව විඳින්නා
සැනෙන් ස්පර්ශයට උන්ගෙ විස විදින්නා
මියයන්න සිදුවේවි නොකරන්න චෝදනා
 
නිරුවතින් සිටින ඇගෙ රණ තිසරු යුවලට
ලැජ්ජාව නොමැතිදෝ සිතුනි මොහොතකට
රජුන් බැහැ දකින්නට ගෙනා මල් මිටකට
නැති මිලක් ලැබුනාද ළඳුනි උඹෙ රුවට
 
උඩ පහළ යන ඈයො කට කතා කියාවී
නගර සෝබිනිය නොව රජ බිසෝ දේවී
රාග නෙත් පිනවන්න කසුප් රජ රාණී
ඇඳුන උඹෙ සිතුවමක් තවම නෑ සේදී
 
ලෝකයක් පුදුම කළ රජදහන කස්සප
ඇන්දා උඹෙ උඩු කයේ සළු නොමැති නිරුවත
බඹර පහසට යටවු පිරිමි සිත සැලුමට
කිම නොහැකි සීගිරියෙ අප්සරාවියකට
 

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *