ඩිජිටලිකරණය වුණු දිනපොතක ජීවිතයේ පිටු අකුරු කරමු

ඩිජිටලිකරණය වුණු දිනපොතක ජීවිතයේ පිටු අකුරු කරමු

නවීන තාක්ෂණයත් සමගින් අපේ ජීවිත තව තවත් පහසු වෙලා. එපමණක් නෙවෙයි මානව සන්නිවේදනයට එය මහඟු පිටුවහලක් වෙලා. නවීන තාක්ෂණය සමග මුසුවුණු මානව සන්නිවේදනයේ කූටප්‍රාප්තියක් ලෙසින් ඩිජිටලිකරණය හඳුන්වන්න පුළුවන්.

ඩිජිටලිකරණය වුණු ලෝකය හා සමගාමී ගමනක යෙදෙන්න නම් අපිත් මේ යාවත්කාලීන වෙන තාක්ෂණික මෙවලම් හා මිතුරු වෙන්න ඕන.

මේ නිසාම තමයි වියමන් අපිත් තාක්ෂණය සමග අලුත් වෙන්න හිතුවේ. ඒ අත්දැකීමට ඔබවත් සම්බන්ධ කරගන්න හිතුවේ. ඒ අනුව වියමන් අපි තැබූ යෝධ පියවර තමයි මාස තුනකට වරක් මුද්‍රිත පුවත්පතක් ලෙසින් ඔබ වෙත ආ ආදරණීය වියමන් පුවත්පත සයිබර් අවකාශය තුළින් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කිරීම. එලෙසින් ඔබ වෙතට සමීප වුණු වියමන ඔබ සුපුරුදු උණුසුමෙන්ම පිළිගත් ආකාරයත් අපි දුටුවා. එපමණක් නෙවෙයි 2021 වසර ආරම්භයේදී ඔබට බොහොමත්ම ලබැඳි තවත් යමක් ඩිජිටලිකරණය වුණා. ඒ අපි කවුරුත් හැම අවුරුද්දකම ආදරයෙන් අපේක්ෂා කරන බ්‍රැන්ඩික්ස් දින දසුන. දැන් අපි ඔබට වටිනා තවත් දෙයක් ඩිජිටලිකරණය කර ඔබ වෙත තිළිණ කරන්න සූදානම්.

එදිනෙදා ජීවිතයේ වන සුවිශේෂී සිදුවීම් දින පොතක ලියන්න අපි බොහෝ දෙනෙක් හුරුවෙලා තියෙනවා. ඒ වගේම අපේ පෞද්ගලික දේ පවා ලියන්නේ දින පොතේ. ඒ නිසාම අපි යන යන තැන දින පොත අරන් යන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසාම ඒවා නැති වුණ අවස්ථාවනුත් අපි දැකලා තියෙනවා. ටිකක් බර දින පොතක් යන යන තැන අරන් යනවට වඩා එය ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේම තබාගැනීමට හැකිනම් කොපමණ පහසුයි ද? වෙනම වෙලාවක් අරන් දිනපොතක් ලියනවට වඩා බස් රථයේ යන අතර වුවත් ලියන්න පුළුවන් නම් කොතරම් හොඳද? දිනපොතක් කියන්නේ පුද්ගලයෙකුගේ අතීශය පෞද්ගලික දෙයක්. එය වෙන කෙනෙක්ට කියවන්න බලන්න බැරිවෙන්න මුර පදයක් යොදලා ආරක්ෂා කරන්න පුළුවන් නම් කොතරම් වටිනවාද?

මේ නිසා තමයි අපි හිතුවේ යාවත්කාලීන වෙන මේ තාක්ෂණික ලෝකයේ ඔබේ දින පොතත් ඩිජිටලිකරණය කරන්න. ඉතින් අපි ඩිජිටලිකරණය වුණ දින පොතක ජීවිතේ පිටු අකුරු කරමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *