ඈ ගියා

ඈ ගියා

අදත් හරි උණුසුමයි
ඇගේ සිරුර පෙර වගේ
දෑස් හොඳ හැටි පියන්
මොකද තරහින් වගේ
මගේ මැණික නැගිටින්න
ඇයි පමා මේ වගේ
දන්නවද මගේ මැණික
හුස්ම ටික නුඹ මගේ…

ආදරෙන් තුරුලු වී
කුරුලු ජෝඩුව වගේ
උඹ එක්ක ගතකරපු
කාලයයක් පණ වගේ
ඇයි මෙහෙම ගොළු වෙලා
පුංචි දරුවෙක් වගේ
නැගිටපන් මගේ මැණික
නොදා මම දුක් ගඟේ…

කිසිදාක මේ සසර
හඬවන්නේ නෑ කියපු
ඒ කතා තව වරක්
කියාපන් නුඹ කියපු
අතරමග නවතලා
දුන් හීන යළි ගනිපු
රත්තරනේ බලාපන්
දුක් ගින්න අවුලවපු…

හේතුවක් නොම දනිමි
මාව හැරදා යන්න
හැකි තරම් ඉක්මනින්
මාව අරගෙන යන්න
නුඹ නැතිව මේ ගමන
නොහැකිමයි මට යන්න
පිරිමි සිත අද ගලක්
නුඹ නමින් මග බලන…

නීෂා මධුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *