හදවත නැවතුන නුඹේ සිනහ ළඟ
වචනත් ගොළු වූවා…
බැල්මන් යාවූ සොඳුරුම මොහොතක
අපේ සිත් සසල වුණා…
අතකින් ඇල්ලූ කැලළක් නැති මුත්
හදවත ස්පර්ශ කළා…
නුඹගේ දෙනෙතින් ඒ මෘදු බැල්මෙන්
මගේ සිත පිරි මැද්දා…
සොඳුරු සිතුවමක රසබර සටහන්
නෙත් අග සැගවූවා…
දැනෙන වේදනා මතක කල්පනා
කවි වල සිරවූවා…
නොපෙනෙන ලෙස මගේ හදවත පතුලේ
පිය සටහන් ඇදුණා…
ගැහෙන හදවතේ ගැඹුරුම තැනකින්
නුඹේ නම වල දැම්මා…
කෞෂි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය