ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - හැකියාවෙන් ඉතිරියක්

ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - හැකියාවෙන් ඉතිරියක්

ඔයා බොහොම කාර්යබහුල කාන්තාවක් බව “ලොකු අක්කා” දන්නවා. කාර්යබහුල බව රඳාපවතින්නේ ඔයා තමන් වෙනුවෙන් වෙන් කරන අමතර කාලය එක්ක නිසා “අනේ මට වෙලාව නෑ” කියලා නොහිතා ලැබෙන උපරිම වෙලාවෙන් අමතර ආදායමක් ගන්න කල්පනා ක⁣ළොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

ඔයාලා හැමෝම මේකට එකඟ නොවුණත් “ලොකු අක්ක”ට විශ්වාසයි කීපදෙනෙක් හරි අපි එක්ක එකතුවෙනවා කියලා…

ඔයාලා ගොඩක් අය වැඩකරන්නේ ෂිෆ්ට් එකට. ඉතින් ගෙදර ගිහින් නිදාගන්න, තමන්ගේ අනිත් වැඩ කරගන්න ඒ වෙලාව යොදාගන්න බව මම දන්නවා. ඒත් ඒ වෙලාවෙන් බොහොම පොඩි කාලයක් අරගෙන අමතර ආදායමක් ගන්න වැඩක් කරන්න පොඩි උත්සාහයක් අරන් බලමුද?

මේකට ඔයා ඔයාගේ නිදාගන්න වෙලාවෙන් පැය එකහමාරක් දවසට ගන්න. එහෙම කළා කියලා මුලදි ටිකක් අපහසුයි වගේ දැනේවි. ඒත් අතට කීයක් හරි ලැබෙද්දි⁣ මේ කරන්න යන වැඩේ කොයිතරම් හිතට සහනයක්ද කියලා දැනේවි.

මාසෙට පඩියක් අතට එද්දි තව ආදායමක් ගැන හිතන්නේ ඇයි; ඒක කරදරයක් කියලා හිතුණනම්, ලොකු අක්කා ඒකට හේතුව කියන්නම්…

හිතන්න, ඔයා ඔයාගේ පඩිය මාසේ දේවල්වලට වෙන්කරගෙන ඇත්තේ. ඒත් හදිසියේ හරි ගෙදර මල්ලි, නංගි එහෙමත් නැත්නම් තමන්ගේ දරුවා අමතර දේකට මුදලක් ඉල්ලද්දි ඔයා තැවෙනවා දුක්වෙනවා නේද? ඔයාට පින් අතේ වැඩක් කරන්න ඕනෑ වුණා. එහෙමත් නැත්නම් අම්මා තාත්තා වෙනුවෙන් අමතර දෙයක් කරන්න හිතුණා කියමු. ඒත් ඒවා හීන විතරක් වෙනවනම් ඔයා ඔයාගේ පඩියට විතරක් නෙවෙයි; ආසාවෙන් කරපු රස්සාවට පවා වෛර කරන්න ගන්නවා.

හැබැයි ඔයා තේරුම්ගන්න ඕනෑ ඔයා ආසම දේ මොකක්ද කියලා. ඒ වගේම තමන්ට හොඳටම හැකියාව තියෙන දේ මොකක්ද කියලා. කෙනෙක්ට මහන්න පුළුවන් ඇති. තවත් කෙනෙක්ට රසට කෑම උයන්න පුළුවන් ඇති. තවත් කෙනෙක්ට තමන් මහන්න දන්න දේ උගන්වන්න පුළුවන් ඇති. ⁣සෙරෙප්පු, බෑග් මහන්න ආසාවෙන් ඉන්ක අය ඇති… ලොකු අක්කා මේ හැමෝටම පොඩි පොඩි කාරණා කියලා දෙන්න කැමැත්තෙන් ඉන්නවා..ඒත් ඊළඟ වාරේ වෙද්දි ඔයාලා කැමතිම සහ හැකියාව හොඳටම තියෙන දේ මොකක්ද කියලා තීරණයක් අරන් ඉන්න…. තමන්ට තමන් ගැනම සතුටු හිතෙන විදියේ කෙනෙක් කරනවා කියලා මම ඔයාලට පොරොන්දු වෙනවා..

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *