ඇයි කුරිරු වුණේ නුඹ

ඇයි කුරිරු වුණේ නුඹ

මහමෙරක් පැතුම් බැඳ
සිත ඇතුළේ රඳවගෙන
හැඟුම් මගෙ පුදකෙරුව
නමුදු දැන් ඔබ කොහෙද
 
ඉකිගසන මගෙ සිතට
සිහිල් වැස්සක් වෙන්න
නුඹට නොහැකි වූ පැයේ
ඉරි තැලුනා මගේ සිතට
 
ජීවිතය ඔබයි මගේ
කියා පුර සාරම් දෙඩූ
කාලයක් තිබුණා මට
අද වගේ නෙවෙයි මං
 
මගේ සිතට වද දෙන්න
මා කළ වරද කිමද
මගේ සිත බිඳලන්න
ඇයි කුරිරු වුණේ නුඹ
 

මධුරි
බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය

Facebook