හැමදේම ලැබෙන්නෙත් නෑ
ලැබුන දේ වටින්නෙත් නෑ
මිනිස් සිත එහෙමමයි
සනසන්න ලේසි නෑ
දුකින් හිඳ ඵලක් නෑ
සදාකල් ඉන්නේ නෑ
ලැබුන කෙටි ජීවිතේ
ගෙවෙනකම් දන්නේ නෑ
හොඳම අය ලෝකෙ නෑ
නරකම අයත් නෑ
සුදුසු අය ළං උනොත්
ජීවිතේ දුකක් නෑ
සසර මග නිමක් නෑ
කෙලවරක් පෙනෙන්නේ නෑ
කරන යහපත් මිස
ගෙනයන්න දෙයක් නෑ
දිලානි
බ්රැන්ඩික්ස් වැලිසර ආයතනය