බලසම්පන්න පුද්ගලයෙක් වන්නේ කෙසේද ? - දෙවන කොටස

බලසම්පන්න පුද්ගලයෙක් වන්නේ කෙසේද ? - දෙවන කොටස

පසුගිය කලාපයකින් අපි මෙම ක්‍රමවේදයේ මූලීක පැහදිලි කිරීම කළා. ඒ පැහැදිලි කිරිමත් එක්ක, ඔබට විශ්ව ශක්තිය ලබා ගැනීම පිළිබඳව යම් අවබොධයක් ලැබෙන්නට ඇති. ඇත්තටම ආකර්ෂණය ලබා ගන්නට ඔබ කළයුත්තේ මේ මුලු ලෝකයටම මෛත්‍රිය පැතිර වීමයි. කෙන්තිය ඇතිවන විට, ආවේගය ඇතිවන විට ඔබට ඒ සමගින්ම මෛත්‍රිය ඇතිකර ගැනීමට ඔබ ඔබේ සිත පුහුණු කර තිබෙනවා නම්, ඒ දැනෙන සැනසීම, සැහැල්ලුව වචනවලින් විස්තර කරන්නටත් බැරි තරම් වේවි.
 
හරි, මම මේ ක්‍රමය ගැන පැහැදිලි කරන්නම්, ඔබට නැවත නැවතත් කියන්න තියෙන්නේ, ඔබ දවල් වෙලා අවදි වෙන කෙනෙක්නම්, මේ ක්‍රමය අත්හදා බැලීමෙන් වළකින්න. ඒ වගේම සිහිය නිවැරදිව තබාගන්නට නොහැකි ද්‍රව්‍යක් පාවිච්චි කරපු කෙනෙක් නම් ඒ අයත් මේ ක්‍රමය අත්හදා බැලීමෙන් වළකින්න.
 
හරි වැඩි විස්තර නැතුවම මම මේ ක්‍රමය ගැන එහෙනම් පැහැදිලි කරන්නම්.
 
ඔබ නිදාගන්න කාමරය හෝ ස්ථානය නිශ්ශබ්ද තැනක් වීමත් ලොකු වාසියක් වේවී.
 
පහසු ඇඳුමකින් සැරසී, මුහුණ උඩ අතට සිටින සේ ඇඳේ වැතිරෙන්න.
 
ඔබේ නාස් පුඬුවලින් දිඟු හුස්මක් ගෙන ඒ හුස්ම ගැඹුරු ලෙස කටින් කටින් පිට කරන්න.
 
ඔබේ අත්ල උඩු අතට තබාගෙන සිටිය යුතුයි.
 
මේ ආකාරයට හුස්ම ශරීරයට ඇතුළත්කර ගැනීමේදී, ඔබේ අවධානය නාස් පුඬු අතරම තබ ගැනීමට කල්පනාකාරී වන්න.

මේ ආකාරයට නින්දට පෙර හෝ උදෑසන අවදී වූ විගස සතියක් පමණ කාලයක් මෙම ශ්වසන අභ්‍යාසය සිදුකරන්න. ඒ ආකාරයට හුස්ම පිට කිරීමත් සමඟම  ඔබේ ශරීරය සැහැල්ලු වෙනවායැයි සිතන්න.
 
සතියක කාලයක් මේ අභ්‍යාසය සිදු කළායින් පස්සේ ඔබේ සිරුරේ යම් වෙනසක් දකින්න පුළුවන්. මම නැවතත් කියන්නේ, ඔබ දවල් වෙලා අවදිවෙන කෙනෙක් නම් මෙම ක්‍රමය අතහ්දා බැලීමෙන් ඵලක් නෑ.
 
ඔබ වටා ඇති සියලූම දේවල් යම් සාමකාමී බවකට පත්වන ආකාරය ඔබ මනසින් විඳින්න.
 
ඒ වගේම, මේ ශ්වසන අභ්‍යාසයට පෙර  ඔබට පූලුවන් ඔබේ මනසත් එක්ක සංවාදයේ යෙදෙන්න. මුලු දවසේම ඔබ විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් ඔබ හොඳින් මෙනෙහි කරන්න. ඒවාට ඔබට ස්තූතිකර ගන්න. ඒ වගේමයි ඔබ අතින් සිදුවූ වැරදි මෙනෙහි කරගනිමින් ඒවාට ඔබ විසින් ඔබටම සමාව ලබාදෙන්න. නැවත එවැනි වැරදි සිදු නොවන්නට  ඔබ කල්පනා කරගන්න.
 
ඒ ආකාරයට සිදු කිරීමෙන් ඔබට ඔබ ගැනම වටිනාකමක් ඇතිවේවි.
 
වටේ පිටේ ඔබට වෛර කළ අයත් ඔබ හා සාමකාමී ලෙස කතාබහ කරන්නට ගනීවී.

වැඩිදුර තොරතුරු විශ්ව ශක්තිය ලෙස ටයිප් කරලා අන්තර්ජලයෙන් සොයා බලන්න.
 
එසේනම් වටිනාකමක් තිබෙන කෙනෙක් නොවටිනා දේවලට කාලය වැය කිරීම මග හැරෙවී. ඔබත් බල සම්පන්න පුද්ගලයෙක් බවට පත්වේවි.
 

සටහන – රංගන වඩුගේ

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *