බුලට් හෙවත් මූනිස්සම් කවි ( අවි)

බුලට් හෙවත් මූනිස්සම් කවි ( අවි)

මේ පින් බිමේ ඉපදුන ඔබ පින්වතෙකී
ගුණදම් කියා දී මවුපියෝ ඔබ සුරකී
සිත තුළ තබාගෙන මවුපියෝ කියූ වැකී
ජීවත් වෙන්න හුරුවෙනු ඔබ දෙවියො රකී

සැමදා ගුණගරුක වී ලෝකය දකිමු
මනුසත් බවින් පිරිපුන් මිනිසෙකු ම වෙමු
සාරධර්ම තුළ ජීවිත ගොඩ නගමු
අවංක කමේ කරමාලය පැළඳ ගමු

ජීවිත ජයගන්න පිළිවෙළකට ඉන්න…….
වෙලාව නොවරදවා වැඩවල නියැලෙන්න…..
දියුණුව නැමැති ජය මාවත වෙත යන්න…..
කම්මැලිකම ඔබෙ සතුරා කරගන්න…..

සතියට පොතක් කියවන්නට පුරුදු වෙමු……
මගෙ රට බබළවන්නට පෙරමුණ ගනිමු….
බාධක ජයගන්න නොසැලී දිරි ගනිමු….
ගුණදම් පිරුණු පරිසරයක් ගොඩනගමු….

බණ්ඩාරි නෝනා

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *