ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - සැනසිලිදායක නින්දක් සහ මල්සුවඳ හමන හිතක්....

ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - සැනසිලිදායක නින්දක් සහ මල්සුවඳ හමන හිතක්....

මාසයක් ගතවෙලා… අපි මුලින්ම ඔයාලට කිව්වා හිතේ කුණු අතුගාලා දාලා මේ අවුරුද්ද පටන් ගන්න කියලා. ඉතින් ඒක කොයිතරම් සාර්ථකද අහන්න දැන් තමයි හොඳම වෙලාව…

මේ අවුරුද්දේ වගේම ඔයා⁣ගේ ජීවිතෙත් අලුත් දින 30ක් ගෙවිලා ගිහින්. ඇත්තටම අපිට ජීවිතය ගෙවන්න තියෙන කාලයෙන් ටික ටික අඩුවෙලා. මේ දින තිහ ගෙවුණු විදිය ගැන ඔයා සතුටින්ද? එහෙමත් නැත්නම් “අපරාදේ” කියලා හිතෙන දින ගාණක් ගෙවුණද?

හිතේ කුණු අයින් කරලා සුවඳ හමන මනුස්සයෙක් වෙන්න හිතන කෙනෙක්ට පුහුණු කරන්න මන්තරයක් ලොකු අක්කා ගාව තියෙනවා… දවස් තිහක් ඒ මන්තරේ ප්‍රගුණ කරන්න… ඊළඟ මාසෙ වෙද්දි ඔයාට ඔයාගෙම වෙනසක් දැනේවි.

මම දන්නවා ඔයා ඉන්නේ වැඩ ගොඩක. ගෙදර වැඩ, ළඟම නෑයන්ගෙ වැඩ, ෆැක්ට්‍රි එකේ වැඩ, ඒ අතරේ එක එක බලෙන් පැටවුණු සුබසාධක වැඩත් අපිට තියෙනවනේ. ඒ අස්සේ හිතට දැනෙන පීඩනය බොහෝ විට අපි පිටකරන්නේ ළඟම ඉන්න අය එක්ක කේන්තියකින්. ඒකෙන් සැනසීම නැතිවෙන්නේ ඔයාගේ විතරක් නෙවෙයි. ඔයාගේ ඒ කෙන්තිය පිටවෙන අවස්ථාවේ ළඟ ඉන්න හැම කෙනාගෙම මානසික නිදහස මොහොතකට හරි ඔයා පැහැරගන්නවා.

ඔයා අනිත් අයටත් සැනසීම දීලා ඔයාගේ හිතෙත් සැනසීම ඉතිරිකර ගන්න කෙනෙක් වෙන්න. හිතේ පීඩනයක් තියෙද්දි තමන්ගෙ ළඟම අය එක්ක ඒක බෙදාගන්න. තරහා එන හැම මොහොතකම අනිත් අයගෙන් ටිකක් ඈතට ගිහින් හොඳ හුස්මක් ගන්න. ඇස් පියාගෙන එකේ ඉඳලා දහයටත් දහයේ ඉඳලා එකටත් දීර්ඝ හුස්මවල් ගන්න. ආගමක් අදහන කෙනෙක්නම් තමන්ට වැඩිපුරම සැනසීමක් දැනෙයි කියලා හිතෙන ගාථාවක් හිතෙන් මෙනෙහි කරන්න. නැත්නම් හිත නිවන ගීතයක් අහන්න… මේ වැඩ ටිකට විනාඩි 05ක් යයි. ඒත් අනිත් අයගේ හිත නොරිදවා තමන්ගෙත් හිත රිද්දවා නොගෙන ඉන්න මේක මන්තරයක් වේවි. කේන්තිය පාලනය කරගන්න එක වගේම හැම දවසකම ⁣වෙනත් කෙනෙක් ගැන කේලමක්, වරදක් තැන තැන කියන එක වළක්වගන්න. එහෙම දෙයක් කනට ඇහුණත් නෑහුනා සේ ඉන්න කෙනෙක් වෙන්න.. ඒ දවස ගෙවලා ඉවරවෙද්දි තමන්ගේ දවස කොයිතරම් සාර්ථක විදියට ගෙවුණද කියලා නිදියන්න කලින් රෑට මෙනෙහි කරන්න. තමන් නිසා කිසිම කෙනෙක්ගේ හිත නොරිද්දවා ඉන්නත්, තමන් නිසා කාගෙහරි මූණට හිනාවක් ගේන්නත් පුළුවන් වුණු බව දැනෙද්දි හිතෙන් හමන්නේ මල් සුවඳක්… සැනසිලිදායක නින්දක් එක්ක හෙට දවස ආරම්භ කරන්න ඔයාට පුළුවන් වේවි…

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *