තුරුණු වියට ආදරයක් ඕන ඒක නම් ඇත්තයි
දිනෙන් දෙකෙන් කිසිම අයෙකු හඳුනන්නට බැහැ සත්තයි
ආදරයයි රාගය දෙක හඳුනාගත යුතු ඇත්තයි
නංගි මල්ලි දුවේ පුතේ තුරුණු වියේ පෙම් අන්ධයි
විශ්වාසය අවංකකම ආදරයේ පැවැත්ම නම්
දෑඟිලි බැඳ මාස තුනෙන් වෙන්වන්නේ ඇයි මෙතරම්
සංසාරේ පුරුදු ලෙසින් ළඟින් ඉඳලා තිබුනා නම්
දුක සැප දෙක බෙදාගන්න බාධා නැහැනේ මෙතරම්
මවකගේ ගුණ දන්න පුතුන් පෙම්වතියන් නිති සුරකී
ගුණ දහමින් පිරුණු යුවති ආදරයෙන් ලොවක් රකී
ගහ යට වැහි දෙකක් කියා දන්නා අය දිවිය රකී
තුරුණු වියට පලි නොදරා ආලය රැකගනිමු සකී
තුරුණු වියට ආවට පසු පෙම් උගුලට අසු උනාද
ඒ ප්‍රේමය ජය ගන්නට තාමත් වෙර දරනවා ද
රාගය සහ ආදරයේ වෙනස ඔයා හැඳින්නාද
ආදරට නියම අරුත දුන්නේ යසෝදරා නේද
බණ්ඩාරි නෝනා