ප්‍රේමයේ පෞරුෂය

ප්‍රේමයේ පෞරුෂය

ප්‍රේමයේ කූටාප්‍රාප්තිය එහෙම නැත්නම් පෙම්වතුන්ගේ දිනය…
ඒ කියන්නේ ආදරයට, ප්‍රේමයට වෙන්කරලා තියෙන්නේ දවස් 365 න්ම එක දවසක් කියලද?
එහෙම හිතුවා නම් අන්න වැරදුන තැන.
ආදරය ගැන ප්‍රේමය ගැන මහා ලොකු අර්ථකථන දෙන්න නෙමෙයි මම මේ ලිපිය ලියන්නේ…
ආදරය කියන්නේ මොකක්ද කියලා සරලවම තේරුම් කරලා දෙන්න… ජීවිතය පුරාවට ඔයාලගේ හදවතේ ආදරය පුරවගෙන ඉන්න කියන්න…
මම මේ කතා කරන්නේ සමස්ත ආදරය ගැන නෙමෙයි. ඒක බොහෝම බර මාතෘකාවක්. මම මේ කියන්නේ යෞවනයේ හදවත් තුළ පිබිදෙන ඉපිලෙන, ඉගිලෙන ආදරය එහෙම නැත්නම් ප්‍රේමය ගැන.
ආදරය කියන්නේ මොකක්ද ?
දැන් ඔය ප්‍රශ්නය ඔයාගෙන්ම අහන්න…
උත්තර දෙන්න ටිකක් අමාරුයි නේද?
ඔව්… ආදරය නිර්වචනය කරන්න බැහැ… ඒක අපි එකිනෙකාට දැනෙන, හැඟෙන විධි වෙනස්.
එහෙනම් ආලය අන්ධයි කිව්වේ ඇයි.
සරලවම කිව්වොත් ආදරයට තමන් ආදරය කරන දේ මිස වෙන මුකුත් පෙනෙන්නේ නෑ කියන එක.
ඉතින් එහෙම වුනාම වෙන දේවල් අහන්න ඕනේ නෑනේ…
සීමා මායිම් අතික්‍රමණය කරනවා. නිතී රීති කඩනවා, බැමි සහ බාධක බිඳිනවා.
හැබැයි මතක තියාගන්න ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කිව්වේ නිකං නොවන බව.
මෙන්න මේ සරල කතාව තේරුම් ගන්න පුළුවන් නම් ඔයා දැනටනත් පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්.
“ආදරය බොලඳ වෙන්න ඕනේ, නැත්නම් රසයක් නෑ”
ඔව්… සංස්කෘතිකයි… එකඟයි…
හැබැයි එහෙම කියලා හැඟීම්වලට මුල්තැන දෙනවා නම් අන්න ඔබ දෙවරක්, තුන්වරක් නෙමෙයි දහස් වරක් හිතන්න ඕනේ තැනක් ඒක.
මතක තියාගන්න…
ආදරය කරද්දී ගන්නා තීරණ හදවතින් නෙමෙයි මොළයෙන් ගන්න…
ආදරය වගේම විරහවත් මේ ලෝකෙට සාර්ථක මිනිසුන් බිහිකරලා තියනවා.
අන්න ඒ නිසා හරියට ආදරය කරන්න…
මොළයෙන් තීරණ ගන්න. හදවතින් ප්‍රේම කරන්න…
හැමදාම මේ විදිහට හිතන්න…
ආදරය කියන්නේ ගෞරවයට, අවංකත්වයට, පරිත්‍යාගයට…
ඒ විදිහට හිතුවොත් ප්‍රේමයේ පෞරුෂය තියන සුපර් මෑන්, සුපර් වුමන් කෙනෙක් වෙන්න ඔබට පුළුවන් …


මම
ගලිවර්

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *