ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - අපිටත් දිනයක්....

ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - අපිටත් දිනයක්....

කාන්තාවක් වීම සම්බන්ධයෙන් ලොකු අක්කට තියෙන්නේ බොහොම ධනාත්මක ආකල්පයක්. තේරෙන භාෂාවෙන් කියනවනම් මම කැමතියි මම කාන්තාවක් වීම ගැන. කිසිම දවසක මට දැනිලා නැහැ ඇයි මම පිරිමියෙක් නොවුණේ කියලා….

මම දන්නවා, ඒකට හේතුව දැනගන්න තුරු ඔබ නොඉවසිලිමත් බව…

“මම කාන්තාවක් විදියට කොන්ද කෙලින් කරගෙන ඉන්න නිසා සහ මට මගේ දේවල් තනියම කරගෙන ජීවිතේට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ඕනවටත් වඩා තියෙන නිසා මම  කාන්තාවක් වීම ගැන තෘප්තිමත්…”

එහෙනම් ඇයි කාන්තා දිනයක්? මාර්තු 08 කියන්නේ කාන්තා දිනය බව දැනගත්තට මේ දිනය ගැන වංහුං නම් ගොඩක් අය නොදන්න බවට සැකයක් නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ විදියට කාන්තාවන් සඳහා දිනයක් වෙන් කරන්නේ සමාජයක යහපැවැත්ම කෙ⁣රෙහි කාන්තාවගේ භූමිකාව නොසලකා හැරිය නොහැකි නිසා.

ඇත්තටම අපෙන් සේවයක් වෙනවද? එහෙම හිතුණා නේද? මේ සමාජය ඇතුළේ, පවුල ඇතුළේ ඔයා ඔයාගෙ භූමිකාව ගැන කවුරුහරි ඇහුවොත් දෙන උත්තරේ මොකක්ද? මම මේ රස්සාව කරන්නේ, මම මේ ගෙදර වැඩ බලාගෙන ඉන්නවා වගේ උත්තර අස්සේ ඊට අමතරව අම්මෙක් විදියට, සහෝදරියක් විදියට, යෙහෙළියක් විදියට, දුවෙක් විදියට ආදී විවිධ භූමිකා අපි තාමත් අත්විඳිමින් යනවා…මැරෙනකම් එක එක භූමිකා ඇතුළේ ඔයා සහ මම, අපි සියලුම කාන්තාවන් විශාල සේවාවක් කරනවා.

ලංකාව අනෙත් බොහොමයක් රටවලට සාපේක්ෂව කාන්තාවන් යම් සාධනීය සමාජ මට්ටමක ඉන්න බවට පර්යේෂණ මඟින් පවා සනාත කරලා තියෙනවා. උසස් අධ්‍යාපනය ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය මෙන්ම රටට විනිමයක් උපයා දෙන කාන්තාවන්ගේ ප්‍රතිශතයද උසස් තැනක තියනවා. ඒ අතර අභිමානවත් විදියට අපිත් ඉන්නවා. විශේෂම දේ වෙන්නේ අපි කැමති රැකියාවක් කරන්න අපට අයිතිය තියනවා. දේශපාලනයට යොමුවීම පවා මේ කාලවකවානුව තුළ වැඩිවෙලා තියෙන නිසා කාන්තාවක් වීම ගැන අපි තවදුරටත් අනවශ්‍ය විදියට කල්පනා නොකළ යුතුයි.

මෙවර කාන්තා දිනයේ තේමාව “රටකි, දැයකි, ලොවකි ඇය” බව ලොකු අක්කා ඔයාලට කියන්නේ; එය එදිනට හෝ එදින සිට ඇරඹෙන සතියක කාලයකට පමණක් සීමා වීමට ඉඩ නොදීම ඔයාගෙත් වගකීමක් බව මතක් කරන්න…රටේ මුළු ජනගහනයෙන් 52%ක්ම කාන්තාවන් ඉද්දි ඒ තේමාවට සාධාරණයක් ඉෂ්ට කරන්න අපිට අපිට අපහසු වෙන්නේ නෑ…ඒ වෙනුවෙන් මේ ආරාධනය ඔයාලා හැමෝටම….

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *